Wednesday, January 15, 2014

පතරොම් රහිතව ඇදුම් මහමු!


ඇදුම් විලාසිතා පිළිබදව කාන්තාවන් පමණක් නොව තරැණියන්ද විශේෂ කැමැත්තක් දක්වයි.එසේ වීමට හේතු වී  තිබෙන්නෙ වර්තමානයේ ඔවුන් බාහිර අලංකරණයට වැඩි සැලකිල්ලක් දැක්වීමයි.

ඔබත් වෙනස් වන ලෝකයේ වෙනස් වන්නට කැමති කෙනෙක්ද?ඒ පිළිබදව හැදෑරීමට කැමති ද? පිළිතුර ඔව් නම් මෙ අවස්ථාව ඔබටයි.

පතරොම් රහිත ඇදුම් මැසීමේ කලාව

 පතරොම් රහිත ඇදුම් මැසීමේ කලාව යනු කුමක්ද?

රෙද්දක් මත පතරොම ඇද නිවැරදි ලෙස ඇගේ හැඩයට ගැළපෙන ලෙස කපා මැසීමයි.මෙයින් පතරොමක් වෙනම කපා රෙද්ද මත තබා කටු ගැසීම,නූල් ඇදීම,වීල් කිරීම වැනි කරදරකාරී කාලය කා දමන අපහසුතා වලින් ඔබට ලෙහෙසියෙන් ම වැළකිය හැකිය.මෙ‍ම ක්‍රමය අද ලෝකයේ ජනප්‍රිය මැහුම් ක්‍රමයකි.මෙ‍ම ක්‍රමයෙන් ඉතා කෙටි කලකින් අංග සම්පූර්ණ ඇදුමක් ඔබට අවශ්‍ය ලෙස සාදා ගත හැකිය.

මෙහිදී නිවැරදිව මිමි ලබා ගැනීමට ඔබගේ අවධානය යොමු කළ යුතුය..මෙය පතරොම් රහිත මැහුම් කලාවේ මුල්ම පියවරයි.ඒ පිළිබදව මීලග post එකේ විස්තර තර ඇත.!

ඔබට ජය!

1 comment: